Pages

Thursday, April 5, 2012


10  Minute Mail
තාවකාලික ඉ-මේල් ලිපින සාදා දේන " ටෙන් මිනිට් මේල් "
නොයෙක් වෙබ් සේවා වලින්  ප්‍රයෝජන ගන්නට එම වෙබ් අඩවිවලට පිවිසෙන විට සක්‍රිය ඉ-මේල් ලිපින ඉල්ලා සිටින වෙලාවල් තිබේ. එවිට තමාගේ ඉ-මේල් ලිපිනය ලබා දිමට අකමැතිනම් මෙම සේවයෙන් සක්‍රිය තාවකාලික ඉ-මේල් ලිපිනයක් ලබා ගත හැක.

Soundcoloud
එදිනෙදා ඕඩියෝ ක්ලිප් අප්ලෝඩ් කොට තැබිය හැකි " සවුන්ඩ්ක්ලවුඩ් "
එදිනෙදා කතාබහ හෝ ඔනැම ඕඩියෝ ක්ලිප් එකක් මෙම වෙබ් අඩවියට අප්ලෝඩ් කොට තැබිය හැක. එසේම එතැන පෙන්වන ලින්ක් එකක් හෝ  බ්ලොග් එකක් හෝ වෙබ් අඩවිවලට එක් කළ හැක.

Log me in
අන්තර්ජාලය හරහා පරිගණක උපාංග සම්බන්ද කොට දෙන "ලොග් මී ඉන්

මෙම වෙබ් සේවයේ එකවුන්ට් එකක් ආරම්භ කල විට එය හරහා දැනට අන්තර්ජාලයට සම්බන්ද කොට ඇති පරිගණක උපාංග වෙත පිවිසිය හැක. මේ සදහා එම පරිගණක උපාංග සියල්ලේන්ම අවසර ලැබිය යුතුය.


yoonoo
සෝෂල් නෙට්වර්ක් එකවුන්ට්ස් එකම තැනකට ගෙන එන "යුනු"


මෙම වෙබ් අඩවියේන් ලබා දෙන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කර ගත් විට යූටියුබ්, ෆේස්බුක්, ට්විටර්, ලින්ක්ඩින්, වැනි සෝෂල් නෙට්වර්කිං සේවා ගනනාවකම එකවුන්ට්ස් වෙත එකම තැනකින් ලොග් වෙන්න පුලුවන.


age – me
වයසක පෙනුම දැන්ම පෙන්වන  "ඒජ් මි"



මෙම වෙබ් අඩවිය සාමාන්‍ය ජායාරූපයක් අප්ලෝඩ් කර එම ජායාරූපයේ සිටින්නා වයස් ගත වු විට පෙනෙන අකාරය බැලිය හැක. මෙහි දි තරුණ ජායාරූපය මහලු වියේ ජායාරූපය බවට ක්‍රමයෙන් මාරු වනු පෙන්වයි.

Timekiwi
කාල වකවානු සටහන් පහසුවෙන් සාදා ගත හැකි  "කිවි "




තමාගේ ජිවිතයේ හෝ ආයතනයක ඉතිහාසය හෝ වෙනත් ඕනැම ඉතිහාසගත සිදුවිමක පිළිවෙල  ක්‍රමවත් සටහනක් සේ සකසා ගැනිමට මෙම වෙබ් අඩවිය උපයෝගි කරගත හැක.